තාම බැලූවේ නැද්ද?

මේ වනවිට ලොව පුරා ඉහළ ජනප්‍රියත්වක් ලබා සිටින චීනයේ ,Ne Zha 2, නම් සජීවීකරණ චිත්‍රපටය වාර්තා රැසක් තබමින් තිරගත වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට එම චිත්‍රපටය ඩිස්නි සමාගමේ “Inside Out 2” චිත්‍රපටය ද අභිබවා ලොව වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය බවට පත් ව තිබෙනවා.

ඊයේ (18) සවස වන විට මෙම චීන චිත්‍රපටයේ ගෝලීය ඉපැයුම් පූර්ව අලෙවිය ද ඇතුළුව ඇ.ඩො. බිලියන 1.72 ක් පමණ ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා.

ජනවාරි මස 29 වැනිදා උදාවූ චීන අලුත් අවුරුදු දිනයේ, තිරගත වීම ආරම්භ වී දින 20 කට පසුව සහ ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළම 10 දෙනා අතරට එක්ව දිනකට පසුව “Ne Zha 2” සිනමා පටය මෙම සන්ධිස්ථානයට පැමිණීම විශේෂත්වයක් වෙනවා.

චීනය තුළ තනි වෙළඳපොළකින් ඇ.ඩො .බිලියන 1 ක් උපායගත් පළමු අවස්ථාව සහ ඩොලර් බිලියනක ආදායමක් ඉපැයූ පළමු හොලිවුඩ් නොවන සිනමා පටය මෙය වීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *