harry brook ගේ දැඩි තීරණය

එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායක harry brook ඉදිරියේදී සියලුම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් ඉවත්වන බව නිවේදනය කර තිබෙනවා.

නායකත්වයෙන් ඉවත් වූ ජොස් බට්ලර්ගේ අනුප්‍රාප්තිකයා ලෙස harry brook නම්කිරීමට එංගලන්ත තේරීම් කමිටුව පසුගියදා කටයුතු කළ අතර, එම තීරණයෙන් දින කිහිපයක පසු ඔහු මෙම තීරණය ප්‍රකාශයට පක්කිරීම විශේෂත්වයක් වෙනවා.

2025 වාරය වෙනුවෙන් ඉකුත් නොවැම්බර් මාස පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී brookඉන්දීය රුපියල් කෝටි 6.25 ක මුදලකට දිල්ලි කැපිටල්ස් විසින් මිලදී ගනු ලැබුවා.

කෙසේ නමුත් එම වෙන්දේසියෙන් පසුව පැවති චැම්පියන්ස් කුසලානයෙන් එංගලන්තය ඉවතට විසිවීමත් සමග ඔහු මෙවර IPL තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඊට හේතු ලෙස ඔහු ප්‍රකාශකර තිබුණේ එංගලන්ත ක්‍රිකට් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.

කෙසේ නමුත් එම තීරණයට ප්‍රතිචාර ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) harry brook ට 2027 දක්වා IPL තහනමක් පැනවූ බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *