GSP+ අවධානමට ලක්වෙයිද?

පාකිස්තානයේ ඉස්ලාමාබාද්හි හමුදා අධිකරණයක් විසින් සිවිල් වැසියන් 25 දෙනෙකුට දඬුවම් නියම කිරීමෙන් අනතුරුව අමෙරිකාව ඒ සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි ස්වාධීන විමර්ශනය සහ විනිවිදභාවය නොමැති බව අමෙරිකාව පවසනවා.

ඒ වගේම, සිවිල් වැසියන් සම්බන්ධයෙන් හමුදා අධිකරණවල නඩු විභාග කිරීම තුළින් සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය අඩපණ කරන බව අමෙරිකාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එහිදී, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ඇති කැපවීම් තහවුරු කරන ලෙසත්, ඇමරිකාව විසින්, පාකිස්තානයෙන් ඉල්ලා තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් ද X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙන්නේ, පාකිස්තාන සිවිල් වැසියන්ට හමුදා අධිකරණයකදී දඬුවම් නියම කිරීම ගැන අමෙරිකාව දැඩි කණස්සල්ලට පත් කරන්නක් බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ද සිය කනස්සල්ල පළකර තිබෙනවා. ඒ වගේම,
පාකිස්තානය ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් සපුරාලීමට අසමත් වීම තුළ GSP+ සහනය ද අවධානමට ලක්වෙන බව යුරෝපා සංගමය අවධාරණය කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *