මාස 09 කට පසු අභ්‍යවකාශයෙන් පෘතුවියට

මාස 9 ක් අභ්‍යවකාශයේ සිරවී සිටි සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් ගගනගාමීන් රැගත් කැප්සියුලය අද (19) අලුයම යළි පෘථිවියට ළඟා වී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ පැය 17 ක පමණ අභ්‍යවකාශ ගමනකින් පසුවයි.

ඔවුන් රැගත් ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය ආසන්න මුහුදට සාර්ථක ගොඩබැස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරේ ජූනි මාසයේදී ගගනගාමීන් දෙදෙනා දින 08 ක මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශයට ගිය අතර, යානයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දින 286 ක් ඔවුන්ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිටීමට සිදු වී තිබුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *