අද සිට ක‍්‍රියාත්මක නිදහස් වීසා ප‍්‍රතිපත්තිය

ආසියාතික රටවල සංචාරක කණ්ඩායම් සඳහා නිරිතදිග චීනයේ යුන් නැන් ( Yunnan ) පළාතේ ෂි ෂුවං බැන් නා (Xishuangbanna) ප්‍රදේශයට අද සිට එනම් පෙබරවාරි මස 10 වැනිදා සිට වීසා රහිතව ප්‍රවේශ විය හැකි බව චීන ජාතික ආගමන පරිපාලනය නිවේදනය කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙම නව ප්‍රතිපත්තියට අනුව මැලේසියාව, ඉන්දුනීසියාව හා තායිලන්තය ඇතුළු ආසියාන් සංවිධානයේ රටවල් 10 ක පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් සිටින සංචාරක කණ්ඩායම්වලට සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ඇතිව ෂි ෂුවං බැන් නා ප්‍රදේශයට වීසා රහිතව ඇතුළු විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අනුව, චීන සංචාරක ඒජන්සිවල සේවා ලබන එම කණ්ඩායම්වලට දින 6 ක් තුළ ෂි ෂුවං බැන් නා ප්‍රදේශයේ රැඳී සිටීමේ නිදහස හිමිවනවා.
දකුණු ආසියාව හා අග්නිදිග ආසියාව සමග යුන් නැන් පළාත පවත්වන සම්බන්ධතා වඩාත් ශක්තිමත් කිරීම සඳහා මෙම නව නිදහස් වීසා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව චීන ජාතික ආගමන පරිපාලනය සඳහන් කර තිබෙනවා.
එමගින් නිරිතදිග චීනයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ චීන-ආසියාන් පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සම්බන්ධතා තවදුරටත් තහවුරු කිරීම ද අපේක්ෂා කෙරෙන බව සඳහන් වෙනවා.