ලොකුම පුටුවකට ගිය පළමු ඉන්දියානුවා

අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යංශයෙන් (FBI) අධ්‍යක්ෂවරයා ලෙස කාෂ් පටෙල් පත් කර තිබෙනවා.
ඔහු ඉන්දියානු සම්භවයක් සහිත අමෙරිකානුවෙක් වීම විශේෂත්වයක් වන අතර, රිපබ්ලිකන් පාලිත අමෙරිකාවේ සෙනෙට් සභාව විසින් කාෂ් පටෙල්ගේ නාම යෝජනාව වැඩි ඡන්දයෙන් තෝරා ගැනීමෙන් අනතුරුව ඔහුව සෙනෙට් සභාව විසින් පසුගියදා නම් කර තිබෙනවා.
කාෂ් පටෙල් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම හිතවාදියෙක් ලෙස හඳුන්වනවා. එෆ්.බී.අයි. ප්‍රධානියා ලෙස එම ධුරයට ඔහු නම් කළේ ජනපති ට්‍රම්ප් වන අතර, ඒ අනුව සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ඊට හිමිව තිබෙනවා.
ඒ අනුව, කාෂ් පටෙල් ඉන්දියානු සම්භවයක් ඇති පළමු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ :ත්‍ඊෂ* අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කාෂ් පටලේ උපත ලබා ඇත්තේ 1980 වසරේයි. ඔහුගේ මව සහ පියා ගුජරාඨ වැසියන් වන අතර, ඇමෙරිකාවට පැමිණීමට පෙර පටලේ හැදී වැඩුණේ දකුණු අප්‍රිකාවේයි. පටෙල්, එක්සත් රාජධානියේ යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් නීති විද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ගෙන ඇති අතර, ඔහු ජාතික ආරක්ෂක උපදේශක සහ බුද්ධි තොරතුරු පිළිබඳ නිවාස ස්ථීර තේරීම් කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.