කුරුලු උණ වෛරසය බැටළුවකු තුළින් වාර්තා වූ පළමු අවස්ථාව

කුරුලු උණ ආසාදනය වූ බැටළුවකු ප්‍රථම වරට එංගලන්තයේදී හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ බැටළු ගොවිපොළක බැටළුවකුට මෙම රෝගය ආසාධනය වී ඇති බවයි පැවසෙන අතර, එම ගොවිපළේ දෛනික පරීක්ෂාවකදී මෙම බැටළුවා හඳුනාගෙන තිබෙන බව සඳහන් වෙනවා.

මේ අනුව කුරුලු උණ වෛරසය බැටළුවකු තුළින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බව පැවසෙනවා.

නමුත් වෙනත් රටවල සත්ව ගොවිපොළ තුළ කුරුලු උණ පැතිරී ගිය අවස්ථා පෙර වාර්තා වී තිබෙන බවද සඳහන් වන අතර, මේ සිදුවීමත් සමඟ කුරුලු උණ වසංගතය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස, බ්‍රිතාන්‍ය රජය එරට සත්ව ගොවිපොළ හිමියන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

විශේෂයෙන් ම කුරුලු උණ ආසාදනය වූ බැටළුවා හඳුනාගත් ගොවි පොළෙහි අනෙක් බැටළුවන්ට වසංගතය ව්‍යාප්ත වී නැති බව එම මාධ්‍ය පෙන්වා දෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *