ඊටා ඇක්වාරිඩ්ස් (Eta Aquarids) උල්කාපාත වර්ෂාව

ඊටා ඇක්වාරිඩ්ස් (Eta Aquarids) උල්කාපාත වර්ෂාව අද (06) දින අලුයම 3.00 ට නැගෙනහිර ක්ෂිතිජයේ කුම්භ තාරකා රාශිය අසල බැලීමෙන් නිරීක්ෂණය වී ඇති බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශයේ පර්යේෂණ විද්‍යාඥයින් සඳහන් කරනවා.
පැහැදිලි සහ අඩු ආලෝක දූෂණයක් සහිත රාත්‍රී අහසක් ඇති ප්‍රදේශවලට පැයකට උල්කා 40-85 අතර ප්‍රමාණයක් මෙහිද නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
එමෙන්ම අද දින දින අලුයම 4.00 න් පසු උල්කාපාත වර්ෂාව ආසන්නයේ සෙනසුරු සහ සිකුරු ග්‍රහයන් දෙදෙනා මීන තාරකා රාශියේ දිස්වනු ඇති අතර ඒවාද නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බවත් වාර්තා වල සඳහන් වුණා.
පෘතුවිය හේලිගේ වල්ගා තරුවේ සුන්බුන් හරහා ගමන් කරන විට වල්ගා තරුවේ කොටස් පෘථිවියේ වායුගෝලය සමඟ ගැටී මෙම දර්ශනීය ඊටා ඇක්වාරිඩ්ස් උල්කාපාත වර්ෂාව නිර්මාණය වෙන බව තාරකා පර්යේෂකයින් සඳහන් කරනවා.
