ඉලෝන් මස්ක්ගේ ඊලඟ කුරුමාණම

ලෝකයේ කෘතීම බුද්ධිය පිළිබඳ ප්‍රමුඛතම පර්යේෂණායතනයක් වන OPEN AI සමාගම මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 97.4 ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙසින් එම ලන්සුව ඉදිරිපත් කර තිබෙන්නේ, එලෝන් මස්ක් ප්‍රමුඛ ආයෝජකයින් පිරිසක් විසිනි.

OPEN AI සමාගමේ තක්සේරු කළ වත්මන් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 300 ක් බව විදෙස් වාර්තාවල සඳහන් වෙනවා. ඒ අනුව එලෝන් මස්ක්ගේ ඩොලර් බිලියන 97 ක ලංසුව OPEN AI සමාගම ප්‍රතික්ෂේප කර තිබෙන බව සඳහන් වෙනවා.

අවශ්‍ය නම් එලෝන් මස්ක්ගේ Twitter නොහොත් X සමාගම ඩොලර් බිලියන 9.7 කට මිලදී ගැනීමට තමන් සූදානම් බව OPEN AI හි ප්‍රධානී සැම් ඔල්ට්මන් සඳහන් කර තිබෙනවා.

CHAT GPT නමැති කෘතීම බුද්ධි යෙදවුමේ මව් සමාගම වන්නේ OPEN AI සමාගමයි. එමෙන්ම, සතිපතා පරිශීලකයින් මිලියන 100 ක් පමණ, CHAT GPT භාවිත කරන බව ද විදෙස් වාර්තාවල සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *