බාහිර ලෝකය සමඟ සන්නිවේදනය තහනම්

නව පාප් වහන්සේ තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය මැයි මස 07 වනදා ආරම්භ වන බව වතිකානය නිවේදනය කර තිබෙනවා.

කාදිනල්වරුන් 135 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එම රහසිගත සමුළුව, සිස්ටයින් දේවස්ථානය තුළ ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

කාර්දිනල්වරුන් ශාන්ත පීතර බැසිලිකාවේ ගෞරවනීය දිව්‍ය පූජාවකට සහභාගී වන බවත්, අනතුරුව ඡන්දය දීමට සුදුසුකම් ඇති අය රහසිගත ඡන්දය සඳහා සිස්ටයින් දේවස්ථානයේ රැස්වන බවත්, වතිකානු ප්‍රකාශක මැටියෝ බෲනි සඳහන් කරනවා.

කෙසේ වෙතත්, සිස්ටයින් දේවස්ථානයට ඇතුළු වූ පසු නව පාප් වහන්සේ තෝරා පත් කර ගන්නා තෙක් කාදිනල්වරුන්ට බාහිර ලෝකය සමඟ කිසිඳු සන්නිවේදනයක් නොතිබිය යුතු බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *