එන්න දවස් 3 ක් Films බලන්න, ඒකත් නොමිලේම

හෙට (13) සිට 15 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ඉරාන චිත්‍රපට උළෙලක් පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව 13 වැනි දින සමාරම්භක උත්සවයෙන් පසු 14 වැනි දින දවස පුරා ඉරාන චිත්‍රපට ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිත අතර, මේ සඳහා ඇතුල්වීම නොමිලයේ සිදුවන බව එහි සංවිධායක මණ්ඩලය පවසනවා.

ඒ අනුව, පෙ.ව. 10.00 – ප.ව 2.00 සහ ප.ව 6.30 කාලය තුළ මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සිදුවන බව සඳහන් වෙනවා.

පස්වරු 3.00 ට ඉරාන චිත්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂකවරුන් සහ ශ්‍රී ලාංකීය චිත්‍රපට බෙදාහරින්නන්, නිෂ්පාදකයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ගේ හමුවක්ද පැවැත්වීමට නියමිත වන අතර, මේ සඳහා ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් වන ණය්වැය ඡු්ිය්ල ඵිග ඔ්ය්ැසල ෘරග ්‍යැි්පචදමරල ඵරග ඵැයාස ඵදක්ැස යන අයවලුන් සහභාගී වීමටද නියමිත බව සඳහන් වෙනවා.

ඒවගේම, 15 වැනි දින පෙ.ව. 9.30 සිට දහවල් 12.00 වැඩමුළුවක් පැවැත්වීමටද නියමිත බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *