CID යෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අල්ලස් කොමිසමෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, පසුගිය කාලයේදී මෙරට සෞඛ්‍ය පද්ධතියට බෙදාහරින ලද ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු වුණු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසයි.
පසුගිය කාලයේදී මෙරට නිෂ්පාදනය කරන ලද ඖෂධ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදක සංස්ථාව මගින් සපයන ලද ඖෂධ සහ ඉන්දියාව, බංග්ලාදේශය හෝ පාකිස්ථානය යන රටවලින් ගෙන්වන ලද ඖෂධ මේ අතර ප්‍රධාන වෙනවා.
ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ කාණ්ඩ සෞඛ්‍ය පද්ධතිය තුළ බෙදාහැරීමෙන් අනතුරුව අක්ෂියාබාධයන්ගේ සිට රෝගීන් මියයෑම දක්වා විශාල පරාසයක හානි සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛසවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සිදුකරන ලද ඉල්ලීමකට අනුව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස මෙලෙස අල්ලස් දූෂණ කොමිෂන් සභාව වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා.
