සිහිනයෙන් පමණක් දුටු ජලයේ ධාවනය වන කාර්

ජලය මත ධාවනය කළ හැකි මෝටර් රථ පිළිබඳව මේ දින වල බොහෝ කතා බහට ලක්වෙනවා.
Jet Car Chrome යනු ඊජිප්තු ජාතික ව්‍යවසාකයෙකුට අයත් සමාගමකි. එම සමාගමේ නිපදවූ ජලය මත ධාවනය කළ හැකි මෝටර් රථ එහි ප්‍රධානතම නිපැයුමක් වෙනවා.
2019 දී ඩොලර් පනස්දහසක් තරම් මුදලකින් ආරම්භ කළ මේ මෝටර් රථ ව්‍යාපෘතියට මේ වනවිට ජාත්‍යන්තර පිළිගැනීමක් ද හිමිව තිබෙනවා. ඒ විදෙස් රටවල් වෙතත් මේ මෝටර් රථ අපනයනය කිරීම හේතුවෙනි.
ජලය මත ධාවනය කළ හැකි මේ මෝටර් රථ නිෂ්පාදනයෙන් අනතුරුව ඒවා ඊජිප්තුවේ උතුරු වෙරළ තීරයේ ධාවනය කිරීමට නිපැයුම්කරුවන් පියවර ගෙන තිබෙනවා. ඊට ඉහළ ඉල්ලුමක් හිමි වුණේ ඉන් පසුව බව සඳහන් වෙනවා.
ඒ අනුව මේ වනවිට පවතින ඉල්ලුම අනුව ඊජිප්තුවේ ගිසාහි කර්මාන්තශාලාවක දී මේ මෝටර් රථ නිපදවීම සිදු වෙනවා. කෙසේ වෙතත් මේ වනවිට මේ සමාගම නිපදවා ඇති මෝටර් රථ ගණන 950 කට අධික බව සඳහන් වෙනවා.
විශේෂයෙන් ම එක් මෝටර් රථයක් නිපදවීම සඳහා දින 20 ක කාලයක් ගත වන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
මේ වන විට අමෙරිකාවට, ඉන්දියාවට මෙන්ම යුරෝපා රටවල් රැසකටත් මේ මෝටර් රථ අපනයන කෙරෙන අතර, වැඩිම ඉල්ලුමක් පවතින්නේ අමෙරිකාවේ බවත්, එක් මෝටර් රථයක මිල ඩොලර් 20,000 ත් 40,000 ත් අතර වන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.