නිලවරණයෙන් ඉවත් වූ කාදිනල්වරුන්

මීළඟ පාප් වහන්සේ තේරීමේ නිලවරණය සඳහා ඉදිරිපත්ව සිටි කාදිනල්වරු දෙදෙනෙක් එයට සහභාගී නොවීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව, වයස අවුරුදු 79 ක් වන ක්‍රොඒෂියානු කාදිනල්වරයෙකු සහ ස්පාඤ්ඤ කාදිනල්වරයෙකු එලෙස පාප් නිලවරණය සඳහා සහභාගි නොවන බව පවසා තිබෙනවා.
මීළඟ පාප්වරයා තේරීම සඳහා මෙම කාදිනල් හිමිවරුන් දෙදෙනාම සුදුසුකම් ලබා තිබුනත්, ඔවුන්ගේ සෞඛ්‍ය හේතුන් මත සහභාගි නොවන බව පවසා තිබෙන බව සඳහන් වෙනවා.
