ගගනගාමීන් ගේන්න ගිය කැප්සූලය

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටින නාසා ගගනගාමීන් යළි රැගෙන ඒමේ සඳහා පිටත්ව ගිය ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සූලය සාර්ථකව එම මධ්‍යස්ථානයට ළඟාවී තිබෙනවා.
මාස 9 කට අධික කාලයක සිට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටු වී සිටින, සූනි විලියම්ස් සහ බුච් විල්මෝර් නම් එම ගගනගාමීන් දෙදෙනාව යළි පෘථිවියට රැගෙන ඒම සඳහා මෙම ඩ්‍රැගන් කැප්සූලය පසුගිය 15 වැනිදා, අභ්‍යාවකාශගත කෙරුණා.
ඒ අනුව, ඔවුන් දෙදෙනා යළි රැගෙන ඒම සඳහා නාසා ගගනගාමී වන ඈන් මැක්ලන් සහ නිකොල් අයර්ස්, ජපාන ගගනගාමී තකුයා ඔනිෂි සහ රුසියානු අජඨාකාශගාමී කිරිල් පෙෂ්කෝව් මෙලෙස ඩ්‍රැගන් කැප්සූලයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සාර්ථකව ළඟා වී තිබෙනවා.
දින 8 ක කාලයක් සඳහා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගිය සූනි සහ බුච්ට එහි මාස 9 ක් රැඳී සිටීමට සිදුවුණේ ඔවුන් ගමන්කළ බෝයිං ස්ටාර්ලයිනර් යානයේ හටගත් දෝෂයක් හේතුවෙනි.
ඔවුන් නැවත පෘථිවියට රැගෙන ඒමට අවස්ථා කිහිපයකදී සැලසුම් කළත්, ඒ සියල්ල කුමන හේතුවක් නිසා අසාර්ථක වි තිබෙනවා.
