දැඩි බාධක මධ්‍යයේ ඇරඹෙන BIMSTEC – 2025

මෙවර BIMSTEC සමුළුව ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව තායිලන්තය පවසනවා.
පසුගියදා ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් පසු තායිලන්තයේ යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් සුරක්ෂිත කිරීමෙන් පසු එරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ බව සඳහන් කර තිබෙනවා.
සමුළුව අප්‍රේල් 2 එනම් අද දින සිට 4 දක්වා බැංකොක් හිදී පැවැත්වෙනවා.
ආර්ථිකය පුනර්ජීවනය, වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම මගින් දරිද්‍රතාවය තුරන් කිරීමල පරිසරය සහ තිරසාරභාවය ආරක්ෂා කිරීම සහ කලාපයේ ආහාර සහ මහජන සෞඛ්‍ය සුරක්ෂිතභාවය සහතික කිරීම අරමුණු කරගනිමින් මෙවර සමුළුව පැවැත්වෙන බව සඳහන් වෙනවා.
මීට අමතරව, මෙම තේමාව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, සමුද්‍රීය සහයෝගීතාව පුළුල් කිරීමට සහ විවිධ අංශ හරහා සහභාගීත්වය දිරිමත් කිරීමට ද අපේක්ෂා කෙරෙනවා.