තවත් මංගල ජයග‍්‍රහණයක්

ආසියානු කුසලාන කාන්තා බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ, ඉරානයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 13 – 00 ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණු බව වාර්තා වෙනවා.
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙස මෙය ඊයේ *24) පවත්වා තිබෙනවා.
විශේෂයෙන් ම මෙය ජාත්‍යන්තර බේස්බෝල් පිටියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ලැබූ මංගල ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්වුණු බව සඳහන් වෙනවා.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව “A” කාණ්ඩයෙන් තරගවදිනු ලබන අතර, ශ්‍රී ලංකාව හා ඉරානයට අමතරව එම කාණ්ඩයට පාකිස්තානය සහ ඉන්දියාව ඇතුළත්ව ඇති බව සඳහන් වෙනවා.
