CID එකේ වැඩ බෙදාගෙන කරන්න තවත් කට්ටියක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති නොයෙකුත් විමර්ශන සඳහා නව විමර්ශන කොට්ඨාසයක් ඇති කිරීමට පොලීසිය කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙම නව විමර්ශන කොට්ඨාසයත් සමග, මෙතෙක් කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් විමර්ශන අලුතින් පිහිටුවන ලද අපරාධ විමර්ශන දිශාව යන අලුත් ඒකකයක් යටතේ ක්‍රියාත්මක වන බව සඳහන් වෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විමර්ශනය කරනු ලබන අපරාධ විමර්ශන, ගොනු විමර්ශන සිදුවීම් විශාල වශයෙන් ඇති බවත්, එම විමර්ශනයන් සඳහා යම් කාලයක් ගතවන නිසා, ඒ සඳහා ගතවන කාලය අවම කර ගැනීමටත් කාර්යක්ෂම ව ක්‍රියාත්මක කරගැනීමත් මෙහි අරමුණ වෙන බව සඳහන් වෙනවා.

එමෙන්ම පසුගිය කාලයේදී සිදුවූ මූල්‍යමය අපරාධ, රාජ්‍ය මුදල් සහ රාජ්‍ය දේපල අවභාවිතාව ඇතුලූ නොයොකුත් වංචනික ක්‍රියාවන් විමර්ශන කඩිනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා ද මෙම ඒකකය ක්‍රියාත්මක වන බව සඳහන් වෙනවා.

ඒ අනුව, මෙහි ඇති පළමු කාරණය ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය පරීක්ෂණ විමර්ශන යනුවෙන් නව තනතුරක් ක්‍රියාත්මක කිරීමටද පොලීසිය තීරණය කර තිබෙනවා.

මෙතෙක් කල් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා ඊට ඉහළින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කර ඇති අතර, ඔහු යටතේ මූල්‍ය අපරාධ විමර්ශන දිශාව වශයෙන් නව දිශාවක් ද ආරම්භ කර තිබෙන බවත්, ඒ යටතේ මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ නීතිවිරොධී වත්කම් විමර්ශන කොට්ඨාසය වශයෙන් කොට්ඨාස දෙකක් නැවත ප්‍රතිසංවධානය කර ඇති බවත් සඳහන් වෙනවා.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ මූල්‍ය අපරාධ විමර්ශන මින් ඉදිරියට පිටුවන ලද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය යටතට පත්වෙනවා.

මේ යටතේ නීතිවිරොධී වත්කම් විමර්ශන කොට්ඨාසයක්, මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයක්, මූල්‍ය හා අපරාධ විමර්ශන අංශයක්, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයක්, තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයක්, අපරාධ හා අපරාධ බුද්ධි විශ්ලේෂණ අංශයක් ලෙස අංශ 6 ක් මේ යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *