ලොව පුරා බෞද්ධ ප්‍රජාවගේ විරෝධය එල්ල වී ඇති වෙන්දේසියක්

1898 වසරේදී ලුම්බිණි නුවර ආසන්නේ පිහිටි ඉපැරැණි ස්තූපයක සිදුකළ කැණීම් අතරතුර සොයාගත් බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොං හී දී වෙන්දේසියකට තබා තිබෙනවා.

සොතබි සමාගම පවත්වන මෙම වෙන්දේසියේදී මුතු සහ විවිධ වර්ගයේ මැණික් කැට 1,800 ක් පමණ වෙන්දේසියට තබා ඇති බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත් ලොව පුරා බෞද්ධ ප්‍රජාවගේ දැඩි විරෝධය මෙම වෙන්දේසියට එල්ල වී ඇති අතර, නමුත් එම විරෝධතා මත මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙම වෙන්දේසිය එළැඹෙන මැයි 07 වැනිදා එනම් හෙට දින ආරම්භ වන අතර, එහි ආරම්භක ලංසුව ලෙස සඳහන් කර ඇත්තේ, හොංකොං ඩොලර් මිලියන 100 ක මුදලකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *