අරුම පුදුම මැරතන් තරගයක්

මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවර දී පසුගියදා පවත්වා තිබෙනවා.
මෙහිදී මෙම තරගයට, මිනිස් ධාවකයින් සමග රොබෝවරු 21 ක් තරගවැදී තිබෙන බව සඳහන් වෙනවා.
මෙම අර්ධ මැරතන් ධාවන තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි පුළුල් හැකියා සඳහා සිදුකළ පරීක්ෂණයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දී තිබෙනවා.
