ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක්

චීනයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරගාවලියේ 400X4 මිශ්‍ර සහාය ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගිවීමට නියමිතයි.

මේ සඳහා අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, හර්ෂනී ප්‍රනාන්දු, ලක්ෂිමා මෙන්ඩිස්, නදීෂා රාමනායක හා සදෙව් රාජකරුණා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවැඳීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලිය මැයි 10 හා 11 දිනවල ගුවැන්ෂු හි ගුවැන්ඩොං ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරගාවලියේ 7 වන අදියර මෙය වන අතර, එය චීනයේ දී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *