සංචාරකයින් රැගත් සබ්මැරීනයක් අනතුරට ලක්වෙලා

ඊජිප්තු රතු මුහුදේ සංචාරකයින් රැගත් සබ්මැරීනයක් අනතුරට ලක් වීමෙන් හය දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, මියගිය සියලු දෙනා රුසියානු ජාතිකයන් වෙනවා.
කෙසේ වෙතත්, එහි සිටි පුද්ගලයින් 44 දෙනෙකු බේරා ගෙන ඇති බව එම මාධ්‍ය වාර්තා කරන තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩලය හා සංචාරකයින් 50 දෙනෙකු සබ්මැරීනය තුළ සිට ඇති අතර, එම පිරිස අතර රුසියාව, ඉන්දියාව, නෝර්වේ සහ ස්වීඩනය යන රටවලින් පැමිණි පුද්ගලයින් ද වෙනවා.
මෙම අනතුර ඊජිප්තුවේ හර්ගාඩා වෙරළට කිලෝමීටරයක් පමණ ඔබ්බෙන් වූ මුහුදේදී සිදුව තිබෙන අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.