ප්‍රතිකා රාවල්ගෙන් වාර්තාවක්

කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී අවම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 500 සීමාව පසුකළ ක්‍රීඩිකාව බවට පත්වීමට ඉන්දීය කාන්තා කණ්ඩායමේ ප්‍රතිකා රාවල් සමත්ව තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අද (29) පැවති දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඇය ලබා ගත් ලකුණු 78 ත් සමගයි.
ඒ අනුව, ප්‍රතිකා රාවල් ඉනිම අටකට ක්‍රීඩා කරමින් ලකුණු 500 සීමාව පසුකර තිබෙන අතර, මීට පෙර එම වාර්තාවට එංගලන්ත කාන්තා කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකා චාර්ලට් එඩ්වර්ඩ් හිමිකම් කියනු ලැබූ බව සඳහන් වෙනවා.
