කැමරාවේ සටහන් වූ දුර්ලභ දසුනක්

පෘථිවිය සූර්යයා වටා ගමන් කරන ඉතා දුර්ලභ දර්ශනයක් “බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය විසින් ලබාගෙන තිබෙනවා.
Blue Ghost යානය SpaceX Falcon 9 රොකට්ටුවක් මගින් අභ්‍යවකාශ ගත වූ අතර ජනවාරි 15 වන දින සිට පෘථිවිය වටා කක්ෂගත කර ඇති බවත්, මෙම අභ්‍යවකාශ යානය සතියකින් පමණ පෘථිවි කක්ෂයෙන් ඉවත් වී සඳට දින හතරක ගමනක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.
මේ අතර “බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය පෘථිවිය වටා අභ්‍යවකාශ යානයේ කක්ෂයෙන් චන්ද්‍රයාගේ පළමු ඡායාරූප පෙළ ලබාගෙන ඇති බව ටෙක්සාස්හි ෆයර්ෆ්ලයි ඒරොස්පේස් සමාගම නිවේදනය කර තිබෙනවා.
ඒවගේම, මූන් ලෑන්ඩර් යානය මාර්තු 2 වන දින සද මත ගොඩබෑමට අපේක්ෂිත බවද එම සමාගම පවසනවා. විශේෂයෙන්, Blue Ghost යානය සඳ මතුපිට ගොඩබැසීමට උත්සාහ කිරීමට පෙර දින 16 ක් පෘථිවිය වටා කක්ෂගත වන බවත් සඳහන් වෙනවා.
මේ දක්වාල යානයේ ඇති සියලුම NASA තාක්ෂණය “සෞඛ්‍ය සම්පන්න” වන අතර අපේක්ෂා කළ පරිදි ක්‍රියාත්මක වන බව NASA Artemis බ්ලොග් අඩවිය ද නිවේදනය කර තිබෙන බව සඳහන් වෙනවා.