ඉදිරි වසර තුන වෙනුවෙන් සැලැස්මක්

ඉදිරි වසර තුනක කාල පරිච්ජේදය සඳහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අදට (04) යෙදී ඇති ලෝක ස්ථූලතා දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ වැඩසටහනකට එක් වෙමිනි.

එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට තුළ දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහනට නව අංගයන් එක් කරමින් එම කටයුතු ද ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී ක්ෂේත්‍රයේ නිරතවූවන් විසින් පෝෂණය පිළිබඳ දත්ත නිවැරදිව සැපයීම ද ඉටු කළ යුතු බවත්, එම කටයුතු සාර්ථක වුවහොත් මෙරට ජනතාවගේ පෝෂණ මට්ටම, ස්ථූලතාවය තුරන් කර පිරිපුන් නීරෝගි ජනතාවක් බිහි කර ගැනීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

ස්ථූලතාවය පිටුදකිමු බෝවන රෝග වලක්වා ගනිමු යන්න මෙවර ලෝක ස්ථූලතා දිනයේ තේමාව ලෙස සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *