කෘතිම බුද්ධිය ගැන චීනයෙන් අළුත් යෝජනාවක්

විවිධ පාර්ශ්වයන් සමග එක්ව කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අදහස් හුවමාරු කිරීම හා තවදුරටත් සහයෝගිතාවයන් තහවුරු කිරීමට චීනය සූදානම් බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.
කෘතිම බුද්ධිම තාක්ෂණය වැඩිදියුණු කිරීම වෙත චීනය ඉහළ අවධානයක් යොමු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය කෘත්‍රිම බුද්ධි තාක්ෂණික නිර්මාණශීලී බව වැඩිදියුණු කිරීම තහවුරු කරමින් එහි ආරක්ෂාව වෙත විශේෂ සැලකිල්ලක් දක්වන බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඨමද න්‍ස්නමබ මහතා නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා.
කන ව්‍යවසායන්ට ස්වයං ලෙස නවෝත්පාදනයන්හි නිරත වීමට සහාය දක්වන අතර, ගෝලීය වශයෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණ වැඩිදියුණුවට දායකත්වයක් ලබා දීමට ද චීනය සූදානම් බව චීනයේ ෘැැචීැැන සමාගම පිළිබඳ නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කර තිබෙනවා.
ඒ වගේම, මතවාදය හා ජාතිකාරක්ෂාව මුවාවෙන් ආර්ථික, වෙළඳ, විද්‍යා හා තාක්ෂණ ප්‍රශ්න දේශපාලනීකරණයට ලක් කිරීමට එරෙහිව චීනය විරෝධය පළ කරන බවත්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් පවසා තිබෙන බව සඳහන් වෙනවා.