ගෝලීය ක්වොන්ටම් පරිගණක ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක්

Zuchongzhi 3.0 නම් සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණක මූලාකෘතියක් එළි දැක්වීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.
ඒ සමඟින් ක්වොන්ටම් පරිගණක ක්ෂේත්‍රයේ නව ආරම්භයක් සනිටුහන්ව ඇති අතර, මෙම ජයග්‍රහණය සුපිරි සන්නායක පද්ධති තුළ ක්වොන්ටම් පරිගණක භාවිතයේ නව වාර්තාවක් ලෙසයි සැලකෙනවා.
චීන ක්වොන්ටම් භෞතික විද්‍යාඥයින් වන Pan Jianwei, Zhu Xiaobo සහ Peng Chengzhi විසින් සංවර්ධනය කරන ලද මෙම Zuchongzhi 3.0 පද්ධතිය, ලොව බලවත්ම සුපිරි පරිගණකයට ද වඩා ට්‍රිලියන දහසක (quadrillion) ගුණයකින් වේගවත් වන බව සඳහන් වෙනවා.
එමෙන්ම 2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද ලොව ප්‍රකට Nature සඟරාවේ ඨදදටකැ හි නවතම ප්‍රතිඵලවලට ද වඩා මිලියනයක ගුණයක වේගයකින් ක්වොන්ටම් අහඹු පරිපථ සාම්පල සැකසීමේ කාර්යය ද මෙම නව පද්ධතිය හරහා සිදු කිරීමේ හැකියාව පවතින බව සඳහන් වෙනවා.
මෙම නවතම අධ්‍යයනය භෞතික සමාලෝචන ලිපි සඟරාවෙහි ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වෙන අතර, එහිදී ද මෙම කාර්යය අගය කරමින් සඳහන් කර තිබුණේ අති නවීන කාර්යය සාධනයක් පෙන්නුම් කරනු ලබන නව සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණකයක මිණුම් ලකුණක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි.