අතුරුදන් වුණු ගුවන් යානයක් සොයා ගැනේ

අමෙරිකාවට අයත් ඇලස්කා ප්‍රාන්තයේ දී අතුරුදන් වූ මගී ගුවන්යානයේ සුන්බුන් මුදාගැනීමේ කණ්ඩායම් විසින් මේ වනවිට සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පුද්ගලයින් 10 දෙනෙකු රැගත් මෙම මගී ගුවන්යානය ඇලස්කා ප්‍රාන්තයේ නෝම් නගරයට සැතපුම් 34 ක් පමණ දුරින් වූ හිම සහිත කදුකර ප්‍රදේශයේ දී අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව යානයේ නියමුවා ඇතුළු එහි සිටි මගීන් සියලු දෙනාම මියගොස් ඇති බවට බලධාරීන් විසින් තහවුරු කර ගෙන තිබෙන අතර, ඉන් තිදෙනෙකුගේ මළසිරුරු මේ වන විට මුදාගැනීමේ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා.

බේරින්ග් එයාර් ගුවන් සමාගමට අයත් කුඩා වර්ගයේ මගී ගුවන්යානයක් වන යානය පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ ඇලස්කා ප්‍රාන්තයේ උනලක්ලීට් සිට නෝම් නගරය දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන් වුණු බව සඳහන් වෙනවා.

යානය සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊට බාධා සිදුවූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *