වතිකානුවෙන් ආව පණිවිඩය

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇති බව වතිකානුව නිවේදනය කර තිබෙනවා.
ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන්, 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය සතියේ දී රෝහල්ගත කෙරුණු අතර, පසුව උන්වහන්සේගේ පෙනහැළි දෙකේම නියෝමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී ඇති බව වෛද්‍යවරුන් පවසා තිබුණා.
උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිත අවදානම් මට්ටමක නොපවතින බව මීට දිනකට පමණ පෙරාතුව උන්වහන්සේගේ වෛද්‍ය කණ්ඩායම නිවේදනය කළත්, මේ වනවිට නම් තත්ත්වය බරපතළ වී ඇති බව වතිකානුව නිවේදනය කර තිබෙනවා.
ඒ ඊයේ දිනයේ දී දැරුණු ඇඳුම රෝගී තත්ත්වයකින් උන්වහන්සේගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය උත්සන්න වීමත් සමගයි.
පාප්වහන්සේගේ ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහත යාමත් සමග උන්වහන්සේට රුධිරය ලබා දීමටත්, ශ්වසන අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබාදීමටත් වෛද්‍යවරුන් පියවර ගෙන තිබෙනවා. එමෙන්ම නියුමෝනියා රෝගී තත්ත්වය වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර ද තවදුරටත් ක්‍රියාත්මකයි.
මෙවන් පසුබිමක ලොව පුරා කිතුණු ප්‍රජාවගේ උත්තරීතර ආගමික නායකයා වන ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුවය පතා කිතුණු ප්‍රජාව යාඥා කිරීම් ආරම්භ කර තිබෙන අතර, පාප්වහන්සේ සිය සෞඛය තත්ත්වය පිළිබඳව ජනතාවට විවෘතව දැනුම් දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇති බව සඳහන් වෙනවා.
වතිකානුව විසින් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වරින් වර නිවේදන නිකුත් කරන්නේ ඒ ඉල්ලීම හේතුවෙනි.