කෘතිම හදවතක් සමග ජිවත් වුණු මිනිසෙක්

ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් කෘතිම ටයිටේනියම් හදවතක් සමඟ දින 100 ක් ජීවත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එය එම තාක්ෂණය භාවිතා කළ අයෙක්ගේ මේ දක්වා ගත කළ දීර්ඝතම කාලය බව එම වාර්තා සඳහන් කරනවා.

වයස අවුරුදු 40 ක පුද්ගලයෙක් වන මෙම රෝගියා හට පසුගිය නොවැම්බර් මාසයේදී සිඩිනිහී ශාන්ත වින්සන්ට් රෝහලේ ශල්‍යකර්මයක් අතරතුර මෙම බද්ධ කිරීම සිදු කර තිබෙනවා. ඒ වගේම, මෙම උපකරණය සමඟ රෝහලෙන් පිටව ගිය ලොව පළමු පුද්ගලයා බවට ඔහු පත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව, මෙම මස මුලදී හෘද පරිත්‍යාගශීලියෙක් ලබා ගත හැකි වන තෙක් ඔහුව ජීවතුන් අතර තබා ගැනීමට මෙම උපකරණය උපකාරී වී තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *