SAMSUNG සමාගමට ලොකු පාඩුවක්

SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී Han Jong-Hee මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
1962 දී උපත ලැබූ Han Jong-Hee, 2022 සිට SAMSUNG හි පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ජංගම උපාංග ව්‍යාපාර අධීක්ෂණය කළ බව එම සමාගම සඳහන් කරනවා.
SAMSUNG ඉලෙක්ට්‍රොනික්ස් හි උප සභාපති සහ සම – ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඔහුව නම් කර තිබෙන්නේ, 2022 වසරේදීයි.
හදිසියේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය Han Jong-Hee මහතා, මිය යන විට 63 හැවිරිදි වියේ පසු වූ බව සඳහන් වෙනවා.