වසර 05 ක දේශපාලන තහනමක්

2027 වර්ෂයේ ප්‍රංශ ජනාධිපතිවරයණයට ඉදිරිපත්වීමට තීරණය කර සිටි, ප්‍රංශ අන්ත දක්ෂිණාංශික නායිකා Marine Le Pen හට වසර 5 ක දේශපාලන තහනමක් පනවා තිබෙනවා.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වරදකරු වූ ඇයට වසර 2 කින් අත්හිටවූ වසර 4 ක සිරදඬුවමක් පැරිස් අධිකරණයක් විසින් නියෝග කර තිබෙනවා.

යුරෝපා සංගමයේ අරමුදල් අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත වරදකරු වූ ඇයට ඊයේ දිනයේ එම නියෝගය ලබාදී තිබෙනවා. ඒ අනුව ඇයට වසර 5 ක කාලයක් දේශපාලන කටයුතුවල නිරත වීම ද තහනම් කර තිබෙනවා.

යුරෝපා පාර්ලිමේන්තු අරමුදල්වලින් යුරෝ මිලියන 3 ක මුදලක් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඇය මෙලෙස වරදකරු වී තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *