90% කින් අඩු වුණු පොල් ගැසීම

කතරගම දේවාලයට පැමිණෙන බැතිමතුන් විසින් එහි ඉදිරිපිට සිදුකරන පොල් ගැසීම 90% කින් පමණ අඩු වී තිබෙන බව වාර්තා වෙනවා.
කතරගම පූජා භූමිය වැඳපුදාගන්නට යන බොහෝ බැතිමතුන් පූජා වට්ටිය සමග පොල් ගැසීමට පොල් ගෙඩියක් රැගෙන යාමට අමතක කරන්නේ නෑ.
ඒ වගේම, ශාන්තිකර්මවලදීත් පොල් ගෙඩියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. කතරගම ගොස් පොල් ගෙඩියක් නොගැසූ කෙනෙක් සොයාගැනීමට බැරි තරමටම එය සාමාන්‍ය ක‍්‍රියාවක් ලෙස සළකනවා.
කෙසේ වෙතත් වර්තමානයේ රටෙහි පවතින අධික පොල් මිල හමුවේ බැතිමතුන් පොල් ගැසීමෙන් වැළකී සිටින බව වාර්තා වෙනවා. වර්තමානයේ කතරගම ප්‍රදේශයේ පොල් ගෙඩියක මිල රුපියල් 160ක ලෙස සඳහන් වෙනවා.