20 – 20 තරගයේ පළමු ජය

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැති පළමු 20 – 20 තරගය ලකුණු 8 කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර, ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව, පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 172 ක් රැස්කිරීමට සමත් වුණා.

ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 163 ක් පමණයි.

එහිදී අගනා පිතිහරඹයක නිතර වූ පැතුම් නිස්සංක පන්දු 60 කට මුහුණ දෙමින් ලකුණු 90 ක් රැස්කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 47 යි.

ඒ අනුව, තරග තුනකකින් සමන්විත 20 – 20 තරගාවලිය තරග 1 – 0 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *