You Tube නාලිකා16 ක් තහනම් කෙරේ

මිලියන 63 කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද 28 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම පියවර ගත් බව සඳහන් වෙනවා.

අදාළ නාලිකා තහනම් කර තිබෙන්නේ, කාශ්මීරයේ පෙ‍හෙල්ගම් ප්‍රහාරයෙන් පසු ප්‍රකෝපකාරී හා වාර්ගික අර්බුද උත්සන්න වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන බවට චෝදනා කරමින් බව සඳහන් වෙනවා.

ඉන්දියාව තුළ තහනමට ලක්වූ පාකිස්තාන යූ ටියුබ් නාලිකා අතර ප්‍රවෘත්ති නාලිකා මෙන්ම පාකිස්තාන මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේ නාලිකා ද ඇතුලත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *