150 වෙනි සංවත්සර සැමරුම් තරගය

ලොව ගෞරවාන්විතම ක්‍රිකට් ආකෘතිය වන, ටෙස්ට් ක්‍රීඩාවේ පළමු ටෙස්ට් ක්රිකට් තරගය 1877 වසරේ දී ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර, ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රීඩාංගණයේදී පවත්වා තිබෙනවා. එම තරගයෙන් ලකුණු 45 ක ජයක් ඔස්ට්‍රේලියාවට හිමිවුණා.
2027 වසර වන විට, ලොව පළමු ටෙස්ට් ක්රිකට් තරගය පවත්වා වසර 150 ක් සම්පූර්ණ වන අතර, එම සංවත්සරය වෙනුවෙන් ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර විශේෂිත තරගයක් පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.
ඒ අනුව එම ටෙස්ට් තරගය පවත්වා 2027 වසර වනවිට වසර 150ක් පිරිම නිමිත්තනෙන්, 2027 වසරේ මාර්තු 11-15 දිනවල මෙල්බන්හිදී දිවාරාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස මෙම සංවත්සර සැමරුම් තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙය ඓතිහාසික මෙල්බන් ක්‍රීඩාංගණයේදී පවත්වන පළමු දිවා-රාත්‍රී ටෙස්ට් තරගයද වනවා.