13 දෙනෙක් අතුරුදන් කළ ගින්න

පසුගියදා කියුබාවේ ආයුධ හා පතරොම් ගබඩාවක සිදුවූ දැවැන්ත පිපිරීම් මාලාවක් හේතුවෙන් සොල්දාදුවන් හා හමුදා නිලධාරීන් 13 දෙනකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කියුබාවේ හොල්ගුයින් පළාතේ පිහිටි ආයුධ හා පතරොම් ගබඩාවක සිදුව ඇති මෙම පිපිරීම් හේතුවෙන් කියුබානු හමුදා නිලධාරීන් සිවුදෙනකු හා සොල්දාදුවන් නවදෙනකු අතුරුදන් බව වාර්තා වෙනවා.

කියුබානු බලධාරීහු පවසන්නේ, මෙම පිපිරීම් මාලාව හටගෙන ඇත්තේ ඉදිකිරීම් මධ්‍යස්ථානයක ඇති වූ ගින්නක් හේතුවෙන් බවයි. ආයුධ හා පතරොම් ගබඩාවේ හටගෙන ඇති මෙම පිපිරීම් මාලාව හේතුවෙන්, කියුබාවේ අගනුවර වන හවානා නගරයට දකුණින් හා නැගෙනහිරින් පිහිටා තිබෙන මෙලොන්ස් නමැති ග්‍රාමීය ප්‍රදේශයේ ජනතාව කම්පාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මේවන විටත් කියුබානු බලධාරීන් විසින් පරීක්ෂණයක් අරඹා තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *