හොලිවුඩය ගින්ගනී

ලොස් ඇන්ජලීස් අවට ඇති වූ ලැව්ගිනි ඊයේ (08) දිනය වන විට හොලිවුඩ් කඳුකරය දෙසට පැතිර ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එමෙන්ම ප්‍රදේශයේ ඇති වූ අනෙකුත් ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස්, ගොඩනැගිලි 1,000 ක් පමණ විනාශ වී ඇති බව විදේස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.

හොලිවුඩ් කඳුකරය ඇතුළුව ජනාකීර්ණ ලොස් ඇන්ජලීස් අගනගර ප්‍රදේශය පුරා සුළඟින් හමන ලැව්ගිනි පැතිර යාමත් සමඟ 100,000 කට වැඩි පිරිසක් ඉවත් කිරීමට නියෝග කර තිබෙනවා.

ඇන්ජලීස් ප්‍රාන්තය පුරා පැතිරෙන මෙම ගින්න හේතුවෙන් මිලියන 1.5 කට ආසන්න ජනතාවකට විදුලිය නොමැති බවද එම විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *