හෙලිකොප්ටර් අනතුරක්

නිරිතදිග තුර්කියේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ හෙලිකොප්ටර් යානය රෝහල් ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
අනතුරට පත්වු යානය රෝහල් අවශ්‍යතා සඳහා භාවිතා කරන යානයක් වන අතර, අනතුරින් යානයේ සිටි නියමුවන් දෙදෙනෙකු, වෛද්‍යවරයෙකු සහ තවත් සේවකයෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.
අනතුරට හේතුව අධික මීදුම සහිත කාලගුණික තත්ත්වය විය හැකි බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.