හිටපු CCD අධ්‍යක්ෂ රිමාන්ඞ් ගත කෙරේ

අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල්ද සිල්වා මහතා ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට රත්නපුර මහෙස්ත්‍රාත් සමන් ඩී.කේ.බරණලියනගේ මහතා අද නියෝග කර තිබෙනවා.

ඔහුව පසුගියදා අත්අඩංගුවට ගැනුණේ රුපියල් කෝටි 14 ක් වටිනා මැණික්, වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව, එම දේපොළ ඒකපාර්ශ්විකව පැමිණිලිකරුට ලබාදිම සම්බන්ධයෙනි.

අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව විසින් සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

2023 වසරේ අගෝස්තු 2 වනදා කුරුවිට මැණික් ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14ක් පමණ වටිනා දේපොළ බලහත්කාරයෙන් ලබාගත් බවට පැමිණිල්ලක් කර තිබු බව සඳහන් වෙනවා.

එම පැමිණිල්ලට අනුව සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒක පාර්ශ්වික ලෙස කටයුතු කර ඇති බවට අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට ලද පැමිණිල්ලක් අනුව සහකාර පොලිස් අධිකාරිවරයාව අත්අඩංගුවට ගෙන රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා විවෘත අධිකරණයයේදි සඳහන් කළේ, සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නිසි විමර්ශනයකින් තොරව බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *