හිටපු ජනාධිපති අත්අඩංගුවට

දෝෂාභියෝගයකින් ධුරයෙන් පහ කළ දකුණු කොරියානු හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට ගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බීග බීගසි පුවත් සේවය වාර්තා කළේ, යූන් සොක් යෝල් රැගත් රථ කිහිපයක් ඔහුගේ නිවසින් පිටව ගිය බවයි.
අද (15) උදෑසන යුන් සොක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා දෙවන වරටත් විමර්ශකයින් ඔහුගේ නිල නිවසට ඇතුළු වුණා. ඒ සඳහා නිලධාරීන් 3,200 කට ආසන්න සංඛ්‍යාවක් ඔහුගේ නිවසට යොමු කර තිබුණු අතර, එහිදී ඔහුගේ අධාරකරුවන් සහ පොලීසිය අතර ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයෙකු ද තුවාල ලබා තිබෙනවා.
මේ අතර, යූන් සුක් යෝල්ගේ ආරක්ෂක සේවයේ නියෝජ්‍ය ප්‍රධානියා වන කිම් සුං හූන් ද අත්අඩංගුවට ගැනීමට සිදු වූයේ, යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ චෝදනා මතයි.
පසුගිය 31වැනි දා දෝෂාභියෝගයක් හේතුවෙන් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණය අනුමැතිය ලබා දුන් අතර, ඔහුට සිය ධුරය අහිමි වුණේ පසුගිය දෙසැම්බර් 3 වැනි දා යුධ නීතිය පැනවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ගෙන ආ දෝෂාභියෝගයකින් පරාජයට පත්වීම හේතුවෙනි.
ජනපතිගේ රාජකාරී අත්හිටුවීමෙන් අනතුරුව, එරට අග්‍රාමාත්‍යවරයාල වැඩබලන ජනපති ලෙස පත් කෙරුණු අතර, ඔහුට එරෙහි විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඉන් අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කෙරුණේ, එරට මුදල් සහ ආරථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයායි.