හිටපු ජනාධිපතිගේ අභාවය

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු ජිමි කාටර් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 100 ක් වෙනවා.
අමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස කාටර් නම් කිරීම පසුගියදා සිදුකෙරුණු අතර, ඔහු වර්ෂ 1977 සිට 1981 දක්වා කාලයේ දී අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.
කලක් රෝගාතුරව සිටි හිටපු ජනාධිපතිවරයා ඊයේ 29 පස්වරුවේ ජෝරිජියාවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වු බව X පණිවුඩයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණා.
1924 ඔක්තෝබර් මස 01වනදා උපත ලැබු ජිමි කාටර් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.