හිටපු ජනපති ස්තූතිය පුද කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි නිළධාරීන් කප්පාදු කිරීම පිළිබඳව පසුගියදා කතාබහට ලක්වුණා.
ඒ ආකාරයෙන් හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අද එම රාජකාරි කටයුතු අවසන් කරමින් හිටපු ජනාධිපතිතුමාගේ කොළඹ විජේරාමෙ පිහිටි නිල නිවසින් පිටත්ව ගිය බව වාර්තා වෙනවා.
එලෙස පිටත්ව ගිය පිරිස සමග හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ සමූහ ඡුායාරූපයකට පෙනී සිටි බවත්, එම ඡුායාරූපය සිය නිල Facebook ගිණුමට එක් කරමින් විශේෂ සටහනක් තබා ඇති හිටපු ජනාධිපතිවරයා ඔවුන් කළ සේවාවට ස්තූතිය ඵල කර තිබුණා.
