හිටපු ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු

දෝෂාභියෝගයෙන් ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට සෝල් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අධිකරණය මගහැරීමේ චෝදනාව මත මෙම වරෙන්තු නිකුත් කර ඇති බව එම මාධ්‍ය සඳහන් කරනවා.
රට තුළ යුධ නීතිය ස්ථාපිත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අතර, එය පරාජයට පත්වීමත් සමග පසුගියදා ඔහුට සිය ධුරය අහිමි වුණා.
හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ජනවාරි 6 වන දිනට පෙර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සෝල් අධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වෙනවා.