හිටපු ජනපතිගේ ආරක්ෂාවේ ප‍්‍රශ්නයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වර්ථමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මානව සම්පත් කළමනාකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඊයේ දින ලිපියක් මගින් මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොට්ඨාසය වෙත දැනුවත් කර ඇති බව ඔහු සඳහන් කරනවා.

ඒ අනුව, ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත්, මෙම පිරිස අතර ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව පළපුරුදු නිලධාරීන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු පවසනවා.

ප්‍රභාකරන්ගේ මතවාද ඇති පිරිස් තවමත් තුරන් වී නොමැති බැවින් එම ත්‍රස්තවාදය තුරන් කිරීමට නායකත්වය ලබා දුන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කිරීමට ආණ්ඩුව පියවර ගැනීම ඉතා බරපතළ තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *