හිටපු ජනපතිගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, නිදහසින් පසු 2022 වසර දක්වාම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේදී රජය කිසිඳු මුදලක් අය නොකළ බවයි.

ඒ වන වොටත් ඍජු බදු විශාල ලෙස අහිමි වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරමින් තිබූ බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

රටේ පැවති දැඩි ආර්ථික බංකොලොත්භාවයෙන් ගොඩඒම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව ඒ වන විට රජය වෙත දැනුම් දී තිබූ බවත් සඳහන් වෙනවා.

ඒ අනුව, ඍජු බදු සීඝ්‍ර ලෙස අහිමි වීමට විකල්ප වශයෙන් රජයේ ආදායම වැඩි කර ගැනීමට මුදල් අය කර සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කරනු ලැබූ බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *