හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරිවරයා රක්ෂිත බන්ධනාගාරයට

කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල්සි ල්වා මහතා ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත වූ බව වාර්තා වෙනවා.
ඒ, සැකකරු අද රත්නපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නෙවිල් සිල්වා මහතා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැණුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසිනි.
රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකු සතුව තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැණික් ගල් කිහිපයක් සහ රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් වටිනා වෑන් රථයක් බලහත්කාරයෙන් සිය භාරයට ගෙන යළි වෙනත් අයෙකුට භාරදීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට පත්වුණා.
ඊයේ රාත්‍රීයේ සිට අද අළුයම ඔහුගෙන් දක්වා දීර්ඝ ප්‍රකාශයක් ලබා ගත් අතර, ඉන් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.