මේ අවුරුද්දෙ කියලා වෙනසක් නැහැ

ප්‍රදේශ කිහිපයක ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව එළවළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (29) බෝංචි කිලෝවක තොග මිල රුපියල් 350 ත් 400 ත් අතර මිලකට අලෙවි වන අතර, අමුමිරිස් කිලෝවක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 800 ත් 900 ත් අතර මිලකටයි.

මීට අමතරව කැරට්, ලීක්ස්, තක්කාලි ඇතුළු එළවළු වර්ග කිහිපයකම මිල සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර පසුගිය සතියට සාපේක්ෂව අද දිනය වන විට දේශීය වෙළෙඳපොළේ උඩරට සහ පහතරට එළවළු මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවළු සිල්ලර වෙළෙඳුන් පවසනවා.

රුපියල් 160 කට පැවති වට්ටක්කා කිලෝවක මිල මේ වන විට රුපියල් 300-400ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔවුන් පවසනවා.

තවද අනෙක් සෑම එළවළු වර්ගයකම කිලෝවක මිල මේ වන විට රුපියල් 500-800ත් අතර සිල්ලර මිලකට අලෙවි වන බවත් ඔවුන් පවසනවා.

අමු මිරිස් කිලෝවක් රුපියල් 1400, නයි මිරිස් කිලෝවක් රුපියල් 1500, තක්කාලි කිලෝවක් රුපියල් 600-800ත් අතර මිලකට අලෙවි වන බවද ඔවුන් සඳහන් කරනවා.

සෑම වසරකට නත්තල් සමය අවසන් වීමෙන් පසු මෙලෙස එළවළු මිල ඉහළ යන නමුත්, ලබන වසරේ මුල් සති කිහිපය තුළ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් ලැබෙන බැවින් මිල අඩු වෙතැයි අපෙක්ෂා කළ හැකි බවද ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *