හැමදාම එකම පාරෙන් යන්න බෑනේ

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මිශ්‍ර දුම්රියක් දෙමෝදර ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා.
ඒ හේතුවෙන් බදුල්ල – මහනුවර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනට බාධා සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ අංක 596 දරණ දුම්රිය වන අතර, මෙම දුම්රිය පිලීපැනීම අද දිනයේ සිදුවූ දෙවැනි පීලිපැනීම ලෙස සඳහන් වෙනවා.
පළමු දුම්රිය අද උදෑසන දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමට ලක්ව තිබුණා.
ඒ ඊයේ 05 රාත්‍රියේ මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ, ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කරන අවස්ථාවේදීයි.
කෙසේ වුවත් පීලිපැනීමෙන් අනතුරුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් දුම්රිය මන්තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුන බව වාර්තා වෙනවා.