හසීනාට මොකද වෙන්නේ

හිටපු අගමැතිනී ෂෙයික් හසීනා වහාම යළි බංග්ලාදේශයට එවන ලෙස එරට නව අන්තර්වාර පාලනය විසින් ඉන්දියාවෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඇයට එරෙහිව බංග්ලාදේශයේ සිදු කෙරෙන අධිකරණ කටයුතු වෙනුවෙනි.

නීති විරෝධී ක්‍රියාවක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු වෙනත් රටක පැවැත්වෙන නඩු විභාගයක් සඳහා පිටුවහල් කිරීමේ හෙවත් උදර්පණ ගිවිසුමක් ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ක්‍රියාත්මක වෙනවා.

එම ගිවිසුමට අනුව හිටපු අගමැතිනිය යළි බංග්ලාදේශයට ගෙන්වා ගැනීමේ හැකියාවක් පවතින බව බංග්ලාදේශයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරනවා.

77 හැවිරිදි ෂෙයික් හසීනා ඇයට එල්ල වූ දැඩි මහජන විරෝධය හමුවේ පසුගිය අගෝස්තු 5 වැනි දා සිය ධුරය අත්හැර ඉන්දියාවට පළා ගිය අතර, ඉන් පසු බංග්ලාදේශයේ පාලනය පැවරුනේ ආචාර්ය මොහොමඩ් යූනුස් ප්‍රමුඛ අන්තර්වාර පාලනයක් යටතටයි.

පසුගිය දා ඉන්දීය විදේශ ලේකම්වරයාගේ නිල බංගලාදේශ සංචාරය අතරතුරදී ද හිටපු අගමැතිනිය යළි බංග්ලාදේශයට එවීම සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව විදෙස් වාර්තාවල සඳහන් වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *